ත්‍රෛභාෂික සේවාවන්

එකම වහලක් යටතේ

We Translate

අප සපයන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පර්වර්තන සේවාවන්

අපගේ පළපුරුදු ත්‍රෛභාෂික පරිවර්තකයෝ ඔබට ඉතා ම ගුණාත්මක සේවාවක් සැපයීමට සැදී පැහැදී සිටිති. ඒ අතර ම විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන අපගේ උපදේශකවරුන් එම පරිවර්තන අදාළ සංදර්භයට ගැලපේදැයි පරික්ෂා කරනු ඇත. ඒ හරහා අපගේ පරිවර්තනවල ගුණාත්මකබව තහවුරු කිරීමට අපි කටයුතු කොට ඇත්තෙමු.

Layer

අපි සියලු ම ආකාරයේ පරිවර්තන කටයුතු භාර ගන්නෙමු. උදා – තාක්ෂණික, ව්‍යාපාරික සහ නෛතික ලේඛන ශ්‍රී ලංකාවේ  ජාතික භාෂා තුනෙන් ම කර දෙන්නෙමු. ඊට අමතර ව ඔබගේ වෙබ් අඩවිය හෝ භාෂා තුනෙන් ම කියවිය යුතු මෘදුකාංග (software application) වුව ද අපි පරිවර්තනය කර දෙන්නෙමු.

තාක්ෂණික පරිවර්තන
සේවාව
ඔබගේ තාක්ෂණික ලියකියවිලි, ඔබගේ අවශ්‍යතාවට අනුව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා තුනෙන් ම පරිවර්තනය කර දෙන්නෙමු. අදාළ ක්ෂේත්‍රවල කටයුතු කරන අපගේ වෘත්තිකයන් එම පරිවර්තන අදාළ සංදර්භයට ගැලපේදැයි පරික්ෂා කරනු ඇත,
වෙබ් අඩවි පරිවර්තන
සේවාව
වර්තමානයේ දී වඩාත් පුළුල් පරිශීලක ප්‍රජාවක් කරා ළඟා වීමට වෙබ් අඩවි ත්‍රෛභාෂික විය යුතු ය.
ව්‍යාපාරික පරිවර්තන
සේවාව
සියලු ම ව්‍යාපාරික ආයතන ජාතික භාෂා තුන ම භාවිත කරන පාරිභෝගිකයන්ට තම ව්‍යාපාර කටයුතු ගැන සන්නිවේදනය කළ යුතු ය. අපි ඔබගේ සියලු ලේඛන, වාර්ෂික වාර්තාවල සිට අත්පොත් දක්වා පරිවර්තනය කර දෙන්නෙමු.
වෛද්‍ය පරිවර්තන
සේවාව
පෝරම, නිබන්ධන, ප්‍රශ්නාවලි සහ වෛද්‍ය පර්යේෂණ වාර්තා අපි නිවැරදි ව පරිවර්තනය කර දෙන්නෙමු.
නෛතික පරිවර්තන
සේවාව
පළපුරුදු නීතිවේදීන්ගේ ආධාරයෙන් අපි ඔබගේ සියලු නෛතික ලේඛන නිවැරදි ව සහ විශ්වාසදායක ව පරිවර්තනය කර දෙන්නෙමු.
ශාස්ත්‍රීය පරිවර්තන
පර්වර්තන
ඔබගේ සියලු ම ශාස්ත්‍රීය ලියවිලි අපි නිසියාකාරව සහ නියම වෙලාවට පරිවර්තනය කර දෙන්නෙමු.
සෝදුපත් බැලීම
සේවාව
ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක පිටපතක් කලට වේලාවට සෝදුපත් බලා දීමට අපි සූදානම්. අපගේ සෝදුපත් බලන්නෝ ජාතික පුවත්පත්වල රැකියාවල නියුතු ප්‍රවීණයෝ වෙති.
නිර්මාණශීලී රචනා
සේවාව
අපි ඔබගේ සිතේ ඇති අදහස් වචනයට නගන්නෙමු. මේ සඳහා නිර්මාණශීලී රචනයේ වසර ගණනක අත්දැකීම් ඇති රචකයන් විසින් ඔබට සේවය සපයනු ඇත.
හඬපට අසා පිටපත් කිරීම්
සේවාව
හඬපට අසා පිටපත් කිරීම තරම් ඒකාකාරී කටයුත්තක් තවත් නැත. විශේෂයෙන් ම පැය කිහිපයක් දිගු හඬපට අසා පිටපත් කිරීමට කැමති කෙනෙක් සොයා ගැනීම ඔබට පහසු නොවනු ඇත. එම ඒකාකාරී කටයුත්ත හඬපටවල අන්තර්ගතය මඟනොහරිමින් නිවැරදි ව පිටපත් කිරීමේ සේවාව අපි ඔබට ලබාදෙන්නෙමු.
Interviews
සේවාව
ඔබගේ සඟරාවට හෝ වෙබ් අඩවියට කිසියම් පුද්ගලයෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක් කරගැනීමට අවශ්‍ය ද? අප සමඟ කටයුතු කරන පළපුරුදු ජනමාධ්‍යවේදීන් හරහා ඔබට අවශ්‍ය සම්මුඛ සාකච්ඡාව අපි කර දෙන්නෙමු.
අපගේ හරයන්

ඔබගේ සියලු ම අවශ්‍යතා
එකම වහලක් යටතේ

We Translate පුද්ගලික සමාගම වශයෙන් අපි ඔබට අවශ්‍ය සියලු ම සේවාවන් නිසි වේලාවට, සාධාරණ මිල ගණන්වලට කර දීමට බැඳි සිටින්නෙමු. අපගේ ප්‍රධාන අරමුණු සතරකි.

අපගේ සේවාවන් දැන්ම ඇනවුම් කරන්න
සාධාරණ මිල ගණන්
We Translate පුද්ගලික සමාගමේ අප විශ්වාස කරන්නේ වෘත්තීමය සහ කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට විශාල මුදලක් වැය කිරීම අත්‍යවශ්‍ය නොවන බවයි. අපගේ ත්‍රෛභාෂික සේවාවන් සියලු දෙනාට ම දැරිය හැකි මිලකට සැපයීම අපගේ අරමුණයි.
රහසිගතභාවය
අපගේ සේවාදායකයන්ට විශ්වසනීය සහ පෞද්ගලික සේවාවක් අපි තහවුරු කරන්නෙමු. අප ඔබට සපයන සේවාවන් හෝ අප ඔබ සමඟ වැඩ කරන බව අප කවරෙකුට හෝ පවසන්නේ ඔබගේ පැහැදිලි අවසරයකින් පසුව පමණි.
ඉක්මන් සේවාව
අපි කාලයේ වටිනාකම සහ නියමිත කාලයට අනුව වැඩ කිරීමේ වැදගත්කම දන්නෙමු. එම නිසා කාර්යාල වේලාව තුළ දී, ඔබගේ විමසීම්වලට පැය දෙකක් ඇතුළත අපි පිළිතුරු සපයන්නෙමු.
ගුණාත්මක සේවය
අපගේ පළපුරුදු සහ වෘත්තීමය කාර්ය මණ්ඩලය සෑම අවස්ථාවක ම ගුණාත්මක සේවාවක් සැපයීමට කැපවී සිටිති. අපට ලබාදෙන සියලු ම කාර්යයන් සාධාරණ මිලකට ඉක්මනින් ලබා දීමට අපි ඇපකැප වී සිටින්නෙමු.

නොමිලේ සේවා තක්සේරුව ලබාගන්න

We will contact you in short while
  • 01
    Upload Your Documents
    ලියකියවිලි අප වෙත ලබා දෙන්න
  • 02
    We Translate Review
    ඔබගේ ලියකියවිලි පරීක්ෂා කිරීම
  • 03
    Get Your Quote
    ඔබගේ තක්සේරුව ලබා ගන්න
*
*
*
*
*
*
*
*
Image module
Image module
Image module
Image module
Image module
Image module
Image module
Image module
Image module

පහත දැක්වෙන සමාජ ජාල වෙබ් අඩවි

ඔස්සේ අප සමඟ සම්බන්ධ වන්න.